Posts

Showing posts from April, 2017

නිව්ටන් නියම

Image
බලය මගින් කළ හැකිදේ, 1. නිශ්චල වස්තුවක් චලනය කිරීම. 2. චලනය වන වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීම. 3. චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම. මේසය මත box නිශ්චලව පවතින අවස්ථාව සලකන්න මෙහිදී වස්තුවේ බරට(w) සමාන අභිලම්භ බලයක්(R) මේසයේ පෘෂ්ඨය මගින් ඇතිකරන නිසා වස්තුව නිශ්චලව පවතී. box මේසය මත තල්ලුකර හැරිය විට ටිකක්දුර චලනය වී නිශ්චල වෙයි. එසේ සිදුවන්නේ  box චලනය වූ දිශාවට ප්‍රතිවිරුද්ධදිශාවට යම් බලයක්  මේසයේ පෘෂ්ඨය මගින් ක්‍රියාත්මක වූ නිසාය ඒ ඝර්ශන බලයයි. ඝර්ශන බලයට සමාන බලයක් චලනය වූදිශාවට යෙදුවේනම් box ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වූ දිශාවට චලනය විය යුතුය. නිව්ටන් නියමය 1. වස්තුවක් මත බාහිර අසංතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුන් නිශ්චලව පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ. යෙදෙනතුරු යනු තවමත් යෙදී නොමැති බවයි.

ආකිමිඩිස් නියමය

Image
"වස්තුවක් අර්ධ වශයෙන් හෝ සම්පුර්ණ වශයෙන් හෝ තරලයක ගිලී ඇතිවිට එමගින් විස්ථාපනය කරනු ලබන තරලයේ බරට සමාන උඩුකුරු තෙරපුම් බලයක් තරලය මගින් වස්තුව මත ඇතිකරයි." A. අර්ධ වශයෙන් ගිලී පාවෙන වස්තු B. සම්පුර්ණයෙන් ගිලී පාවෙන වස්තු C. සම්පුර්ණයෙන් ගිලී පතුලේ තැන්පත් වන වස්තු A.ද්‍රවයක්(තරලයක්) තුල අර්ධ වශයෙන් ගිලී පාවෙන විට වස්තුවක් මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම                                         උඩුකුරු තෙරපුම = වස්තුවේ බර = විස්ථාපිත ද්‍රවයේ බර 1.8N = 1.8N (දුනුතරාදියේ පාඨාංකය වාතය තුලදී 1.8N වූවත් ද්‍රවය මත දී 0N වේ.) = 1.8N යුරේකා බදුන A. ජලය B. ලුණු ද්‍රාවණය *පරිමාව විස්ථාපිත ද්‍රවයේ පරිමාවට සමාන නොවේ. B.ද්‍රවයක්(තරලයක්) තුල සම්පූර්ණයෙන් ගිලී පාවෙන විට වස්තුවක් මත ක්‍රියාකරන උඩුකුරු තෙරපුම උඩුකුරු තෙරපුම = වස්තුවේ බර = විස්ථාපිත ද්‍රවයේ බර *පරිමාව විස්ථාපිත ද්‍රවයේ පරිමාවට සමාන වේ. B.ද්‍රවයක්(තරලයක්) තුල සම්පූර්ණයෙන් ගිලී  පතුලේ තැන්පත් වන  විට වස්තුවක් මත ක්‍රියාකර...

කිරණ සටහන්

Image
2f - වක්‍රතා කේන්ද්‍රය f - නාභීය ලක්ෂය c - පතන ලක්ෂය තාන්විත - තිරයකට ගතහැකි. උත්තල කාච (c හා f අතර)උඩුකුරු, විශාල, තාන්විත ප්‍රතිබිම්බය අනන්තයේ   උත්තල දර්පන  අවතල කාච  අවතල දර්පන

ARTHUR C. CLARKE COLLECTION

Image
Books list: rama Rama Omnibus – Arthur C. & Lee Clarke & Gentry Lee.mobi                          3,225,481 Rama Omnibus – Arthur C. Clarke.epub                                             2,344,120 short story collections Clarke,_Arthur_C_-_The_Other_Side_of_the_Sky.epub                                   27,226 Collected Stories Vol 1 – History Lesson – Arthur C. Clarke.mobi                ...

මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලි නැවත බිහිවෙයි

Image
වසර දහස් ගණනකට ඉහතදී මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලින් විශේෂය යලිත් බිහි කිරීමට හැකි බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් චර්ච් (George Church) පෙන්වා දී තිබෙනවා. වසර 4500ක් පමණ පැරණි සර්බියාවේ අයිස් තට්ටුවක තිබී සොයා ගන්නා ලද මැමත් අලියකුගේ ඇට කැබැල්ලකින් සහ හම් කැබැල්ලකින් ලබාගත් ඩී. එන්. ඒ. (DNA) අධ්‍යයනයකින් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිස එම නිගමනයට පැමිණ තිබේ. පර්යේෂකයන්ට අනුව සොයා ගන්නා ලද මැමත් අලියාගේ ඩී. එන්. ඒ. සහ වර්තමානයේ ජීවත් වන අලියකුගේ ඩී. එන්. ඒ. සංයෝග කිරීම මඟින් බිහිකර ගන්නා කලලයක් යොදා ගනිමින් මැමත් අලින් නැවත බිහිකිරීමට නියමිතය. වසර 2015දී ආරම්භ කරන ලද පර්යේෂණය සඳහා දැවැන්ත ශරීරවලින් යුත් අලි පහළොස් දෙනකු සහ සාමාන්‍ය ශරීරයන්ගෙන් යුත් අලි හතළිස් පස් දෙනකු අධ්‍යයන හා පර්යේෂණ සඳහා යොදා ගෙන ඇත. චර්ච්ට අනුව තවත් අවුරුදු දෙකකින් මැමත් අලින් මෙලොවට බිහිකිරීමේ හැකියාව ඇති බව පැවැසේ. කෙසේ වුවද හාවර්ඩ් පර්යේෂක කණ්ඩායම තවත් ගැටලුවකට මුහුණ පා ඇතැයි පැවසේ. ඒ මැමත් අලින් බිහිකිරීමෙන් අනතුරුව ඔවුන්ට සුදුසු පරිසරයක් මිහිපිට නොමැති වීමයි. ඒ අනුව මැමත් අලින...