නිව්ටන් නියම




බලය මගින් කළ හැකිදේ,
  1. 1. නිශ්චල වස්තුවක් චලනය කිරීම.
  2. 2. චලනය වන වස්තුවක ප්‍රවේගය වෙනස් කිරීම.
  3. 3. චලනය වන වස්තුවක දිශාව වෙනස් කිරීම.

මේසය මත box නිශ්චලව පවතින අවස්ථාව සලකන්න මෙහිදී වස්තුවේ බරට(w) සමාන අභිලම්භ බලයක්(R) මේසයේ පෘෂ්ඨය මගින් ඇතිකරන නිසා වස්තුව නිශ්චලව පවතී.

box මේසය මත තල්ලුකර හැරිය විට ටිකක්දුර චලනය වී නිශ්චල වෙයි. එසේ සිදුවන්නේ  box චලනය වූ දිශාවට ප්‍රතිවිරුද්ධදිශාවට යම් බලයක්  මේසයේ පෘෂ්ඨය මගින් ක්‍රියාත්මක වූ නිසාය ඒ ඝර්ශන බලයයි.

ඝර්ශන බලයට සමාන බලයක් චලනය වූදිශාවට යෙදුවේනම් box ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වූ දිශාවට චලනය විය යුතුය.

නිව්ටන් නියමය 1.
වස්තුවක් මත බාහිර අසංතුලිත බලයක් යෙදෙනතුරු නිශ්චල වස්තුන් නිශ්චලව පවතින අතර චලනය වන වස්තුන් ඒකාකාර ප්‍රවේගයෙන් චලනය වේ.
යෙදෙනතුරු යනු තවමත් යෙදී නොමැති බවයි.





Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser