කුලක (Sets)
පහත දැක්වෙන සමුහ පිළිබද නිරීක්ෂනය කරන්න, 1. ඔබේ පන්තියේ දක්ෂ ළමයි 2. ශ්‍රීලංකාවේ දුප්පතුත් 3. ලස්සන පක්ෂීන් ආදී සමූහයන් ගේ සාමාජිකයින් නිසැකව නිගමනය කළ නොහැක නමුත් පහත සමූහයන් නීරීක්ෂණය කරමු. 1. ඔබේ පාසලලේ ළමයි 2. 0 වැඩි අඩු ඔත්තේ සංඛ්‍යා 3. පාද 10ට අඩු බහු අස්‍ර ආදී සමුහයන්ගේ සාමාජිකයන් නිසැකවම නිගමනය කළ හැක. සාමාජිකයන් නිසැකවම කිවහැකි සමුහය ක් කුළක වේ කුළකයක සාමාජිකයන් එහි අවයව වේ. කුළකයක අවයව ප්‍රමාණය එහි අනේකත්වය වේ (n සංකේතවත් වේ) බල්ලා අවයවයකි සිව්පා සතුන් කුලකයේ, බල්ලා ∈ සිව්පා සතුන් කුලකයේ නරියා අවයවයක් නොවේ පක්ෂීන් කුලකයේ, නරියා ∉ පක්ෂීන් කුලකයේ "අවයවයකි ( ∈) අවයවයක් නොවේ( ∉ ) යන්න සංකේතවත් කරයි." කුලක ලිවීමේ අංකන ක්‍රම 04කි. උදාඃ 1-10 තෙක් පූර්ණ සංඛ්‍යා කුලකය A නම්, ( අවවාදයයි! 1 සිට 10 තෙක් යනු 1ත් 10ත් ඇතුළත් වේ නමුත් 1 ත් 10ත් අතර යැයි ප්‍රකාශකළවිට 1ත් 10ත් ඇතුළත් නොවන බව මතක තියාගන්න.) (1) සගල වරහන් තුල කුලකය විස්තර කර ලිවීම. A={1-10 තෙක් පූර්ණ සංඛ්‍යා} (2)සගල වරහන් තුළ අවයව ලියා ...