මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලි නැවත බිහිවෙයි

වසර දහස් ගණනකට ඉහතදී මෙලොවින් තුරන් වූ මැමත් නමැති අලින් විශේෂය යලිත් බිහි කිරීමට හැකි බව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ජෝර්ජ් චර්ච් (George Church) පෙන්වා දී තිබෙනවා.
වසර 4500ක් පමණ පැරණි සර්බියාවේ අයිස් තට්ටුවක තිබී සොයා ගන්නා ලද මැමත් අලියකුගේ ඇට කැබැල්ලකින් සහ හම් කැබැල්ලකින් ලබාගත් ඩී. එන්. ඒ. (DNA) අධ්‍යයනයකින් අනතුරුව හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිස එම නිගමනයට පැමිණ තිබේ.
පර්යේෂකයන්ට අනුව සොයා ගන්නා ලද මැමත් අලියාගේ ඩී. එන්. ඒ. සහ වර්තමානයේ ජීවත් වන අලියකුගේ ඩී. එන්. ඒ. සංයෝග කිරීම මඟින් බිහිකර ගන්නා කලලයක් යොදා ගනිමින් මැමත් අලින් නැවත බිහිකිරීමට නියමිතය.
වසර 2015දී ආරම්භ කරන ලද පර්යේෂණය සඳහා දැවැන්ත ශරීරවලින් යුත් අලි පහළොස් දෙනකු සහ සාමාන්‍ය ශරීරයන්ගෙන් යුත් අලි හතළිස් පස් දෙනකු අධ්‍යයන හා පර්යේෂණ සඳහා යොදා ගෙන ඇත. චර්ච්ට අනුව තවත් අවුරුදු දෙකකින් මැමත් අලින් මෙලොවට බිහිකිරීමේ හැකියාව ඇති බව පැවැසේ.
කෙසේ වුවද හාවර්ඩ් පර්යේෂක කණ්ඩායම තවත් ගැටලුවකට මුහුණ පා ඇතැයි පැවසේ. ඒ මැමත් අලින් බිහිකිරීමෙන් අනතුරුව ඔවුන්ට සුදුසු පරිසරයක් මිහිපිට නොමැති වීමයි.
ඒ අනුව මැමත් අලින් බිහිකිරීමෙන් පසුව ඔවුන් ඉතා කෙටි කාලයකින් මිය යනු ඇතැයි මහාචාර්ය ජෝර්ජ් චර්ච් පවසයි.
කෙසේ වුවද මැමත් අලින්ගේ ශරීර වර්තමානයට ගැළපෙන පරිදි නිම කිරීම සඳහා සහ අතීතයේ සිටි මැමත් අලින්ට කිසි ලෙසකින්වත් වෙනස් නොවන ආකාරයට මැමත් අලින් බිහි කිරීමට තවදුරටත් පර්යේෂණ සිදුකරන බව මහාචාර්ය ජෝර්ජ් චර්ච් වැඩිදුරටත් පවසන ලදී.


source: http://mahajanathawa.com/මෙලොවින්-තුරන්-වූ-මැමත්-න/

Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser