Posts

Showing posts from 2012

ශ්‍රී ලංකාවේ ප්‍රථම operating system එක අමතක නොකර ගන්න

Image
                    පුදුමයි නේද? මේ හිනයක් නෙවෙයි. ලංකාවේ ප්‍රථම operating system  එක Danishka Navin - Malinthe Samarakoon ඇතුළු කණ්ඩායම විසින් "හන්තාන" නිර්මානය කරල තියෙනව. මේ ලින්ක් එකෙන් එයාලගේ ඔෆිසිකල් මෙව්ව එකට යන්න පුලුවන්. එතන ස්ථාපනය කිර්‍රම ඇතුලු වැඩිදුර තොරතුරු රාශියක් අඩංගු කරල තියෙන්නේ. එයාලා කියල තියෙන විදිහට, හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) පාදක කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන. Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්...

පරිගණකයේ වේගය වැඩිකරගන්න ක්‍රම "no softwares"

Image
                           ටික දවසකින් බ්ලොගේ පැත්තෙ එන්න බැරිඋන නිසාත් ඔන්න මම අද පෝස්ට් එකක් ගෙනාවා.. මම කලිනුත් පෝස්ට් එකක් දාලා තිබුනා අපේ අරිගණකයේ ඇති fix error,registry fix,temporary clean    වැනිදේ කර වේගවත් කරග්නා ආකාරය. ඒත් මම අද කියලා දෙන ක්‍රමයෙන් අපේ කම්පියුටර් එක දල වශයෙන් අඩුම තරමේ 10% ක්වත් වේගය වැඩි කරගන්න පුලුවන්. මමත් පාවිච් කරන්නේ මේ ක්‍රමෙය. ගේමක් උනත් සුපිරියට ගහන්න පුලුවන්.සොෆ්ට්වෙයා ඕනිනෑ වින්ඩෝව්ස් settings ටිකක් වෙනස්කළාම හරි. ගොඩක් සෙටින්ග්ස් වෙනස් කරන්න ඕනෑ 2යි වෙනස්කරන්න ඕන.ඒම කළයි කියලා කිසිම problem එකක් වෙන්නැ. අවශ්‍යනම් නැවත තිබු තත්වයට පත්කරන්න පුලුවන්. 1 st step: start menu එකෙන් RUN එකට යන්න. එහි msconfig කියල ටයිප් කරලා Run බට්න් එක ක්ලික් කරන්න. එවිට පහල message box එක ලැබෙයි. මෙහි යන startup ටැබ් එකේ අපේ පරිගණකය start වන විට තිබියයුතු වැඩ සටහන් පමණක් ඉතිරිකර අනිත් එවා ඉදිරියේ ඇති හරි ලකුණ ඉවත් කරන්න. "මෙහි ඇති අනිත් Tab අත පත ගෑමෙන් වලකින්න. ඒවට ඔන්න මම වගකියන්නෑ." ඊටප...

Hard එකේ ඉඩමදිද එහෙනම් මෙන්න online hard disk එකක්

Image
              අපේ යාලුවෝ ගොඩක් කැමතිවෙයි මම අද ගෙනාපු දේට. කෙල්ලො වගේ අපි හාර්ඩ් එක Clean එකට තියාගන්නේ නෑනේ අහුවෙන හැමරෙද්දම හාඩ්එකේ ගොඩගහගෙන පුරවගන්න එක අපේ පුරුද්ද නේද? අන්තිමට හාඩ්එක පුරුනාම කම්පිහුටරේ ගාටන එක තමයි සිද්ද වෙන්නේ. මම අද ගෙනාපු සයිට් එකෙන් දෙන මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කළාම ඔයාට නොමිලේම වැඩිපුර ගිගාබයිට් 5ක හාඩ්ඩිස්ක් එකක් my computer එකට ලැබෙනවා. ඕනනම් සල්ලි දීලා ඒ ඉඩප්‍රමානේ වැඩි කරගන්නත් පුලුවන්. (අපිට ඉතිං එච්චර අමාරුවක් නෑනෙ)                කැමති නම්  Software download නැතිව එයාලගේ සයිට් එකෙන් කෙලින්ම වැඩකරන්නත් පුලුවන්. මුලින්ම කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන එක. එතකොට පහල වගේ වින්ඩෝව් එකක් ලැබෙයි. මෙතන Upload Button එක මගින් ඔයාලට අලුත් Video,Audio,images,Documents files එකතු කරගන්න පුලුවන්. මෙයාලා දෙන Software එක Downlaod කරගෙන තමන් Register උන username/password දීලා Log උනාම වෙබ්සයිට් එකට නොයා තමන්ගෙ සාමාන්‍ය hard disk එකක් වගේ වැඩ කරන්...

Video CD/DvD එකක් නිවැරදිව burn කරන්නේ මෙන්න මෙහෙමයි - 2

Image
                මම එදා කිව්වනෙ කොහොමද වීඩියෝ එකට අවශ්‍ය නම් උපසිරස එහෙම එක් කරල convent කරගන්න විදිහ මම අද කියලා දෙන්නේ ඒ වීඩියෝ ෆයිල් එකVideo CD/DVD එකක් විදිහට Burn කරන විදිහ. ඒ පෝස්ට් එක නොදැකපු කෙනෙක් ඉන්නවනම් මෙන්න මෙතනින ් ගිහින් බලා ගන්නකෝ. හොදයි කලින් ලිපියෙම මම යොදාගන්න නීරෝ 8 සංස්කරනයත් බාගන්න ලින්ක් එකත් දීලා ඇති. මම හිතනව දැන් ඒකත් බාගෙන වැඩේට සුදානම් වෙලා ඇති කියලා. සියල්ල සුදානම් නම් අපි තවමොකටද අපි බලා ඉන්නේ වැඩේට බහිමු ,                 හොදයි දැන් පරිගණකයේ නීරෝ ඉන්ස්ටෝල් කරල තියෙනවනම් Start > all programs > nero8 > nero vision යන්න. මොකද මම මේ වැඩේ ට පාවිච්චි කරන්නේ නීරෝ මෘදුකාංගය සමග ලබාදෙන nero vision යන මෘදුකාංගය ඒ වගේම නීරෝ මෘදුකාංගෙ පාවිච් කරල වීඩියෝ සීඩී එකක් හදනවනම් හොදම ක්‍රමයත් nero vision පාවිච්චි කරන එක.ඕන නම් Nero burning rom එකෙනුත් එකක් video cd හදාගන්න පුලුවන් ඒත් මම කියල දෙන්නේ nero vision පාවිච්චි කරලා video cd එකක් හදාගනාන විදිහ. දැන්   Start > all progra...

Ice Age 4 Continental Drift (2012) අලුත්ම අලුත්

Image
                                                     කාලෙකින් බ්ලොග් පැත්තේ න්න බැරි උනාට මම ඔන්න අදගෙනාවා වටින දෙයක් මේ කතා මාලාවේ 4වැනි කොටස. මේක නම් කරලා තියෙන්නේ කියලා. මේලගදිමයි එලියට දාලා තියෙනානේ. තාම ෆිල්ම් හෝල්එකේවත් දාලා නෑ... පරණ 123 කොටස්වලට වඩා උපරිම ත්‍රිමාන බවකින් මෙවර 4 කොටස හදල තියෙනව. මේ කලින් 3කොටසේ තිබ්බෙ කස්ටිම පොලව යට තියෙන ක්‍රියාදාමයක්නේ. අර ඩයිනසෝරලත් හිටියෙ මතකද? මේපාර කට්ටියට වෙන්නේ අයිස් තට්ටුවක නැගලා මුහුද දිගේ සවාරියක් යන්න. මේකෙදී අපේ යාලුවන්ට මොනවගේ කරදර වලට මුහුණ දෙන්න වෙයිද කියලා බලාගන්නකො... Download Torrent (හැබැයි ඔන්න මේ ටොරන්ට් ලින්ක් එකටනම් මම වගකියන්නෑ මම මේකෙන් බාපු නැති නිසා)

Video CD/DvD එකක් නිවැරදිව burn කරන්නේ මෙන්න මෙහෙමයි.

Image
                    ජංජාලෙන් හරි කොහෙන් හරි අපි බයිස්කෝප් එහෙම බාගෙන බලන්න කැමතිනේ, ඒත් ඕක සීඩිඑකකට ගහලා ප්ලෙයර් එකකින් බලන්නේ කොකොමද කියලා තමයි මම අද කියල දෙන්න යන්නේ.. මේ වැඩේට හැබෑයි ටිකක් කාලෙ කන්න වුනා මොකද ඔයාලට වගේ සුපිරි පරිගණක මට නෑනේ මේක 1900 බරගණන් වල කම්පියුටර් එකක් ඔයාලටනම් එච්චර කාලෙකන්න වෙන එකක් නෑ. මම වැඩේ කරන්නේ මෙන්න මෙහෙම කෙටියෙන්ම කියනවනම් , 1. අවශ්‍ය වීඩියෝ හෝ චිත්‍රපටය සොයාගැනීම. 2. Format factory මෘදුකාංගය උදව්වෙන් ෆෝර්මැට් එක වෙනස්කරගැනීම. 3. Nero 8 භාවිතයෙන් එම වීඩියෝව සංයුක්ත තැටියට පිටපත් කිරීම.                     මම මේකට නීරෝ 8 යොදාගන්නවා එය බාගත කරන්න මෙතනින් තව Format factory එකත් පාවිච්චිකරනවා ඒක බාන්න මෙතනින් යන්න. මම මේ මෘදුකාංග යොදාගත්තට ඔයාලට අවශ්ය නම් නීරො 6,7,9, ඕන එකක් පාවිච්චි කරන්න .ෆෝර්මැට් ෆැක්ටරිය ඉන්ස්ටෝල් කරල ඉවරනම් දැන් ඒක දිගෑරල බලන්න. මේක සිංහල භාෂාවටත් සර්පොර්ට් කරනවා. සිංහලට වෙනස් කරන්න ඕනනම් menubar > language > select more langua...

Internet speed එක කැමති විදිහකට වෙනස්කරමු.(අතිශයෙන් limited pakage සදහාමයි)

Image
                                    ඒත් ඉතිං කොහොම ඉගිලුනත් limit වලින් පස්සේ බඩගාගෙන යන්න සිද්ද වෙනවනේ. මම පැකේජ් එකට මාරුඋන දවසෙම 1.5GB විතර Auto බෑවුනා.. මට තේරුනා වැඩේ දෙල්වෙන පාටයි සතියක් යන්න කලියෙන්.," පොඩ්ඩක් ස්පීඩ් එක අඩු කරන්න ක්‍රමයක් තිබ්බනම්... කොහොමහරි මාසයක් යනකල් පාවිච් කරන්න පුලුවන් වෙයි". ඉතිං පැය දෙක 3ක්ම ජංජාලේ පීරල පීරල yaන්තම් එකම එක සොෆ්ට්වෙයා කට්ටක් හොයාගත්තා.(මේ වැඩේට තියෙන එකම සොෆ්ට් වෙයා එකද කොහෙද).. මේ තියෙන්නේ ඒක.                          මේකෙන් පුලුවන් අපි පාවිච්චි කරන ඕනම සොෆ්ට්වෙයා එකක ඉනටර්නෙට් ස්පීඩ් එක අපිට ඕනි විදිහට වෙනස් කරන්න. ඒ වගේම එම අවස්ථාවේ අන්තර්ජාලයට සම්බන්ධ වෙමින් පවතින මෘදුකාංග බලාගන්නත් ඒවා අවශ්‍යනම් විසන්ධි කරල දාන්නත් පුලුවන්. මම පියවරෙන් පියවරට අපේ මෘදූකාංගයක Internet speed limit කරන විදිහ කියල දෙන්නම්. මුලින්ම මේක බාගෙන ස්ථාපනය කරගන්න. Version: 3.0 එක බාගන්න. (මේ සයිට් එකේ මුලින් ...

Facebook Comment box එක අපේ blog එකටත්

Image
                   බ්ලොගෙර් බ්ලොග් වල අපිට දි අපිට බ්ලොගෙර් Comments box එකක් Free ලැබෙනවනේ. මම අද කියල දෙන්නේ ඒ ලැබෙන Comment Box එකට අමතරව දැන් බ්ලොග් වල විලාසිතාවක් වෙලා තියෙන මුණුපොතේ Comment පෙට්ටිය ඔයාගේ බ්ලොග් එකටත් අමුණ ගන්නේ කොහොමද කියල දෙන්නයි. ඔයාලටත් පහලින් මම මේක අමුනල තියෙනව පේනව ඇතිනේ... හොදයි මුලින්ම මේ පහලින් තියෙන ලින්කුවෙන් ගිහින් අදාල කොඩ්එක සකසන්න. URL to comment on කියන තැනට ඔයාගේ සයිට් එකේ ලිපිනය ලබාදීලා කියන Get Code බට්න් එක ඔබන්න.  එතකොට ඔයාට පහල තියෙනව වගේ code ටිකක් පෙන්නයි දැන් ඕක ඔහොමම තියෙද්දී අලුත් Tab එකක් ඕපන් කරගෙන(press: Ctrl+T),  ඒකෙන් පහල විදිහට ඔයාගේ බ්ලොග්ටෙම්පලේට් එකට යන්න, Edit Template ගිහින් ඉහලින් ඇති  Expand Widget Templates යන්න ටික් කරන්න. ඉන්පසු යතුරුපුවරුවේ Ctrl+F ඔබපුවාම ඔයාගේ වෙබ් බ්‍රව්සරේ ඉහලින් හෝ පහලින්(සමහර විට පැත්තෙන්) සර්ච් බාර් එකක් එයි. හොදයිදැන් ඔයා ඒ සර්ච්බාර් එක පාවිච්චිකරලා කියන කෝඩ්එක තියෙන තැන හොයාගන්න. වැඩිය දුරනෙවේ උඩ හරියෙම ඇති. ඒකෝඩ් එක හොයාගෙන ඒකට ...

පරිපථ හදන්න ලේසිම ක්‍රමය

Image
                   අපි හැමෝම වගේ ඉලෙක්ට්‍රොනික් විෂයට ගොඩක් කැමතිනේ ඒකනේ මේ බ්ලොග්ලිපිය කියවන්න ආවෙත් නේද? මේ ඒවගේ අයට ගොඩක් වටින මෘදුකාංගයක් මේවගේ පරිපථ සැලසුම් කිරීමේ මෘදුකාංග විශාල පුමානයක් වෙලද පොලේ දක්නට ලැබුනත් මේ මම ඔයාලට අද දෙන්නේ මට ලැබුණ හොදම මෘදුකාංගය. මේකෙන් තමන්ට අවශ්‍ය පරිපථ සැලසුම් කිරීම් හා පරීක්ක්‍ෂා කිරීම්ද එමෙන්ම අපි මුද්‍රිත පරිපථ හදනවනම් ඒකට පරිපථ දල සටහනක් අවශ්‍ය වෙනවා මේදේත් ඉතා පහසුවෙන් කරගන්න පුලුවන්. පහල තියෙන පින්තුර වලින් මේපිලිබද වැඩි විස්තරයක් ඔයාලට දැනගන්න පුලුවන් වෙයි. මෙය Livewire,PCBWiz  කියන මෘදුකාංග 2න් සමන්විතයි. පෝටබල් සංස්කරණය මෙහි ඇතුලත්වේ. ශුද්ධබර11 .9MB