ගණිතය 1 පරිමිතිය ~ මූලික පරිමිතිය

එහෙනම් දිග ගමනක මූලාරම්භය. 1පාඩම පරමිතිය පරිමිය කියන්නෙ තල රූපයක වටේ දිග අපි කවුරුත් දන්න වනේ හරියටම කිව්වොත් "සංවෘත තලරූපයක වටේ දිග" අපි බලමු විවිධ තල රූපවල පරිමිතිය සොයන ආකාරය,

1. සමචතුරස්‍රය
සමචතුරස්‍රයේ වටේ දිග හොයන්න කරන්න තියෙන ලේසිම වැඩේ මොකද්ද ?



අපිට පැත්තක දිග දීලා තියෙනවනම් ඒ දිග 4න් වැඩි කළාම සමචතුරස්‍රය වටේම දිග හොයා ගන්න පුලුවන් නෙ. සූත්තරයක් විදිහට නම් මෙහෙම

4 X පැ. දිග = මුලු පරිමිතිය

එහෙනම් පරිමිතියෙන් පැත්තක දිග හොයන්නනම්?

පරිමිතිය/4 = පැත්තක දිග


2.සෘජුකෝණාස්‍රය

සෘජුකෝණාස්‍රයේ සමාන දිග පැති 2ක් හා සමාන පළල පැති 2කින් යුක්තයි. එහෙනම් අපිට පුලුවන් සෘජුකෝණාස්‍රයේ දග පැත්තක් හා පළල පැත්තක් එකතුකරල 2න් වැඩි කරල පරිමිතිය හොයන්න.

(දිග+පළල)2 = පරිමිතිය


එහෙනම් පරිමිතිය දීලා තියෙනකොට දිග හරි පළල හරි හොයන්න නම්?

දිග = පරිමිතිය/2 - පළල
(ඒකියන්නේ පරිමිතියෙ 2න් බෙදුවාම දිග+පළල ලැබෙනවා ඒකෙන් පළල අඩු කළාම දිග ඉතිරි වෙනවා.)


පළල = පරිමිතිය/2 - දිග


3.ත්‍රිකෝණය

දැන් ලොකු ප්‍රස්නයක් කොහොමද ත්‍රිකෝණයේ පරිමිතිය හොයන්නේ?

පරිමිතිය = පාද 3නේ එකතුව හරිනේ?


4. වෘත්තය


අපි පූර්ණ වෘත්තයක පරිමිතිය හොයන්නෙ නෑ.. වෘත්තයක වටේ දිගට අපි කියන්නෙ පරිධිය කියල. ඒව හොයන්න කලින් මේව දැනගන්නකෝ.








වෘත්තයක මධ්‍ය ලක්ෂය මේකට කියන්නේ කේන්ද්‍රය. 

 එතකොට වෘත්තය එහෙමත් නැත්නම් චාපය මේක සූත්‍ර වලට යොදාගන්නකොට සාමාන්‍යයෙන් C අකුරින් හදුන්වනවා



කේන්ද්‍රයේ සිට වෘත්ත චාපය යාවී ඇති මෙම රේඛාව අරය නමින් හදුන්වනවා. පරිධිය සෙවිමේ සූත්‍රයේ දී අපි " r "අකුරින් අරය හදුන්වනවා.

මෙය හදුන්වන්නේ විශ්කම්භය ලෙසයි පහත සූත්‍රයේ d අකුරින් දැක්වෙන්නේ මෙයයි.


අම්මේ ටයිප්කරල බොක්ක කුල් වෙලා තියෙන්නේ මචන්ලා එහෙනම් වෘත්තයේ පරිධිය හොයන සූත්තරේ ඊලග ලිපියෙන් දාන්නම් . පරිධිය හොයද්දි කෙලවුනොත් කෙළ වෙන්නෙ වෘත්තයට මේටික හොදට බලාගනිල්ල අඩුවක් පාඩුවක් තියෙනවනම් කියන්න.



Comments

Popular posts from this blog

website එකකට slideshow එකක්

ගෙඩි පිටින් ගහත් බාන්න - offline web browser